Second Hand වාහන මිල යළිත් නගී

Report

මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි වතාවක් ඉතා ඉක්මනින ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය අගෝස්තු මාසයේදී භාවිතා කරන ලද මෝටර් රථවල මිල යම් මට්ටමින් පහළ ගොස් තිබුනා.

රජය විසින් පොදු ප්‍රවාහන සඳහා යොදා ගන්නා වාහන ආනයනට අවසර දුන්නද පුද්ගලික වාහන ආනයන අවසර ලබා නොදීම ඊට හේතු වී ඇති බවයි වාහන අලෙවිකරුවන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය දිගටම පැවතුණොත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවයි.

භාවිතා කළ වාහන ඉදිරියේදී රුපියල් ලක්ෂ පහක් දහයත් අතර මිලකින් ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෙර මිල – ටොයෝටා (Toyota) – ප්‍රිමියර් – 2017 – එක්කෝටි තිස්හය ලක්ෂයයි නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි

පෙර මිල – ටොයෝටා (Toyota)– විට්ස් – 2018 – ලක්ෂ 75යි නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 79යි

පෙර මිල – ටොයෝටා (Toyota)– ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 57යි

පෙර මිල – හොන්ඩා (Honda)– වෙසල් – 2014 – ලක්ෂ 75 යි නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 77යි

පෙර මිල – හොන්ඩා(Honda) – ෆිට් – 2012 – ලක්ෂ 52 යි නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 54.50 යි

පෙර මිල – හොන්ඩා (Honda)– ග්‍රේස් – 2014 – ලක්ෂ 77යි නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි

පෙර මිල – නිශාන් (Nissan)– එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 86යි නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි

පෙර මිල – සුසුකි (Suzuki) – වැගන් ආර් – 2014 – ලක්ෂ 41යි නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 44.90යි

පෙර මිල – සුසුකි (Suzuki)– ඇල්ටෝ – 2015 – ලක්ෂ 26යි නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 27.50යි

පෙර මිල – සුසුකි (Suzuki)– ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 43යි නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 46.75යි

පෙර මිල – මයික්‍රෝ (Micro– පැන්ඩා – 2015 – ලක්ෂ 22යි නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි