එංගලන්ත රජය පෙරළෙයි? පක්ෂයේ දැඩි විරෝධතා නිසා අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක්
By Kaushi
එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු කියර් ස්ටාමර්ගේ ඉවත් වීම අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 403 න් 17% කට වඩා වැඩි බව සඳහන්.
එමෙන්ම එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයෙන් කියර් ස්ටාමර් නායකත්වය දරන පාලක කම්කරු පක්ෂය ලද පරාජයත් සමඟ රජයේ අමාත්‍යවරුන් රැසක් තම ධූරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිට කටයුතු කර ඇති බව ද සඳහන්.
මේ අතර මන්ත්‍රීවරුන් ගණනාවක් ඔහුට ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් මධ්‍යයේ ඊයේ රාත්‍රියේ, ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද්, අගමැතිවරයාගෙන් ඉල්ලා අස්වීම සඳහා කාලසටහනක් සකස් කළ බව වාර්තා වේ.