ජනාධිපති මන්දිර හෝටල්වලට. - කොළඹ එකටයි නුවර එකටයි කරන දේත් ජනපති අනුර කියයි.
කොළඹ සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර දෙක හැර අනෙක් ජනාධිපති මන්දිර සියල්ල වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා
ඒ, අනුව ඒවා හෝටල් සඳහා හෝ අධ්‍යාපන ආයතන සඳහා ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.
ඒවාගේ පිහිටීම් හා යෝග්‍යතාවය අනුව කවර කටයුත්තක් සඳහා සුදුසු වන්නේ ද යන්න ඉතා ඉක්මනින් රජය විසින් තීරණය කිරීමට නියමිත අතර ඒ සඳහා තැනටමත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් වාර්තා කැඳවා ඇත.
කෙසේ වෙතත් කොළඹ ජනාධිපති මන්දිරය රාජතාන්ත්‍රික හමු සඳහා යොදා ගන්නා බවත් මහනුවර ජනාධිපති මන්දිරය පෙරහැර චාරිත්‍ර සඳහා අවශ්‍ය වන බවත් එනිසා ඒ දෙක පමණක් තබාගෙන ඉදිරි සියල්ල වෙනත් කටයුතු සඳහා යොදවන බව ජනාධිපතිවරයා හෝමාගමදී පැවති ජන හමුවකදී කියා සිටියා.
You May Like This Video