යළිත් ලාංකිකයන් හැඬු කඳුළින්ද..? නව ජනාධිපති ඇතුළු 34ක් අකරතැබ්බයක..ඉරිදාට පෙර මේ දේ නොකලොත් දැඩි දඬුවම්..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Latest Headlines Parliament Election 2024 AKD
By Sewvandhi Oct 06, 2024 09:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නොමැති බවයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කළ අතර ඉන් අපේක්ෂකයන් 04 දෙනෙකු පමණක් ආදායම් වියදම් වාර්තා ලබාදී තිබේ.

එලෙස ආදායම් වියදම් ලබාදී ඇත්තේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජේදාස රාජපක්ෂ , ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද දේවගේ,ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යම පුද්ගලයන් වේ.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන ඉරිදාට (13) පෙර එම වාර්තා ලබාදිය යුතුය. එම කොමිෂන් සභාව පවසන්නේ, අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

13 වැනිදාට පසුව වාර්තා ලබාදුන්නද එය නීති විරෝධි ක්‍රියා යටතට ගෙන දඩුවම් ලබා දෙන බව වැඩිදුරටත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.