අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)

Report

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙතයි.

මේ මොකක්ද?. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසියට කළ විශේෂ නියෝගය..

මේ මොකක්ද?. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලීසියට කළ විශේෂ නියෝගය..


මෙරට 09 වන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙවැන්නකී,

උපුටා ගැනීම..

මෙම ඡන්ද විමසීමේ දී තමන් සතු කාර්‌ය භාරය යථා පරිදි ඉටු කිරීම පිණිස රජයෙන් දෛනික වැටුප් ලබන අනියම් සහයකයින්ගේ සිට තේරීම්භාර නිලධාරීන් දක්වා ඡන්ද විමසීම් රාජකාරිවල යෙදෙන සෑම රාජ්‍ය සේවකයකු ස්වකීය කාර්යභාරය පිළිබඳ මනා අවබෝධයෙන් හා අතිශය සුපරීක්ෂාකාරීත්වයෙන් යුතුව කිසිවකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වමින් අපක්ෂපාතීව ක්‍රියා කරනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදී, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු දෙයක් ගැන.. මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක් මෙන්න..


ඡන්ද වීමසීම් දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව සෑම ඡන්දදායකයකුම හා සෑම ඡන්ද අපේක්ෂකයකුම විශ්වාසය තබා ඇත.

ඡන්ද වීමසීමේ දී ඔබ සතු කාර්යභාරය ගැන සලකන විට, විශේෂයෙන්ම ඡන්ද වීමසීම පැවැත්වෙන කාලය තුළ ඔබ විසින් ඡන්දදායකයන් හා ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් සමඟ සුහද සම්බන්ධතාවෙන් ක්‍රියා කළ යුතු ය.

ඔවුන් සමග කටයුතු කිරීමේ දී අර්ථාන්විතව, කාරුණිකව, ඉවසීමෙන් ක්‍රියා කිරීම මැනවි.

එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)

එකවරම ඩොලරයට මොකද වුණේ දන්නව ද?. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTO)


මෙවන් අවධියක දී කාර්යක්ෂම ලෙස හා අනලස්ව අනොන්‍ය සම්බන්ධතාව පවත්වාගෙන යාමෙහිලා උපාය කෞශල්‍ය, ප්‍රසන්නතාව මෙන්ම වෘත්තීය සංයමය අත්‍යවශ්‍ය ගුණාංග වේ.

මැතිවරණයක දී පැවරී ඇති නිශ්චිත රාජකාරිය මැනවින් ඉටු කිරීමට රජයේ නිලධාරීන් වශයෙන් මේ රටේ ඡන්දදායකයන්ට බැඳී සිටිමු.

ඔබ වගකිව යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට පමණකි. කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න.

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...

වාහන ආනයනයත් එක්ක වාහනවල මිලට මොකද වෙන්නෙ?.. තීරු බදු?. රජය ගන්න යන අලුත්ම තීරණය මෙන්න...


ඔබගේ රාජකාරී අපක්ෂපාතීත්වය තීරණාත්මක වීමසුමකි. එබැවින් ඡන්දදායකයන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපේක්ෂිත කාර්යභාරය උපරිම මට්ටමින් ඉටු කරමු.

එමගින් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ තම හෘදසාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව ජනතාවට ප්‍රදර්ශනය වනු පමණක් නොව ඒත්තු යැමද සිදුවනු ඇත.

උපුටා ගැනීම අවසන්..

කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,



Gallery