සජබයෙන්, පොහොට්ටුවෙන් තවත් පිරිසක් ජනපති රනිල් හා එක්වෙයි..සහය තවත් වැඩිවෙයි..

Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Samagi Jana Balawegaya Election Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 10, 2024 01:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බිබිල නගරයේ පැවති ජන හමුවකදී, සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවයි, හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා,

"මම හද පතුළෙන් සතුටුයි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට...පොහොට්ටුවට දින්න බැරි නිසා. පුද්ගලික පැත්තෙන් ගත්තාම. පොදු පැත්තෙන් ගත්තාමත් මේ ආර්ථික රිද්මය හදලා තියෙන්නේ එයාගේ ශෛලියට. හරි හරි වැරදි හරි මේ අභියෝගාත්මක මොහොතේ මේ රට පවතගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දර්ශනය මත. එතකොට මේ කොච්චිය දුවන්නේ ඒ පීල්ලේ. මේ පීල්ල මාරු කළොත් කෝච්චය පෙරළෙනවා. ඒක සජිත් ඇවිල් මාරුකරත් එහෙමයි. අනුර ඇවිල්ල මාරු කරත් එහෙමයි."

එක් එක් පක්ෂ හා කණ්ඩායම් වලට අදාළ ඡන්ද සලකුණු ප්‍රකාශයට පත්කෙරේ..අති විශේෂ ගැසට්ටුව නිකුත් කරයි..!

එක් එක් පක්ෂ හා කණ්ඩායම් වලට අදාළ ඡන්ද සලකුණු ප්‍රකාශයට පත්කෙරේ..අති විශේෂ ගැසට්ටුව නිකුත් කරයි..!


ReeCha