පොහොට්ටුවේ සහය රනිල්ට නෑ කීවට මහ රෑම කට්ටියක් එයාව හම්බ වෙන්න ගිහින්..

Report

ඊයේ (29) පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී තිබෙනවා.

පොහොට්ටුවේ සහය රනිල්ට නෑ කීවට මහ රෑම කට්ටියක් එයාව හම්බ වෙන්න ගිහින්.. | Presidential Election 2024

එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට වේ.

මෙවර ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ඊයේ පස්වරුවේ රැස්වූ එහි දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණයට පිරිසක් විරුද්ධ වීය.

එලෙස විරුද්ධ වූ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ දේශපාලන කාර්යාලයට රැස්වී තිබෙනවා.

ජනාධිපතිවරණයට මේ වෙනකම් ඇප තැම්පත් කළ අය මෙන්න..(PHOTO)

ජනාධිපතිවරණයට මේ වෙනකම් ඇප තැම්පත් කළ අය මෙන්න..(PHOTO)


එමෙන්ම,එහිදී සාකච්ඡාවක නිරත වී ඇති බව ද වාර්තා විය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ය.

මේ සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන දිලුම් අමුණුගම, අනුප පස්කුවල්, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, ප්‍රේම්නාත් සී දොළවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.

කෙහෙළියගෙ නඩුවට මොකද වුණේ?.

කෙහෙළියගෙ නඩුවට මොකද වුණේ?.


කෙසේ වෙතත්, ඔවුන් එහිදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට ය.