කෙහෙළියගෙ නඩුවට මොකද වුණේ?.
Keheliya Rambukwella
Sri Lanka Politician
Latest Headlines
Decision Making
By krishani
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන්වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබුණේ ය.
ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවයි.
එම පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේ ය.
තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බව අධිකරණය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, මෙම නියෝගය අගෝස්තු මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.