ජනපති අපේක්ෂකට වෙඩි

Colombia Presidential Update Sinhala news
By Mithu Jun 08, 2025 06:37 AM GMT
Mithu

Mithu

Report

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල් උරිබේ හිටපු කොලොම්බියානු ජනාධිපති අල්වාරෝ උරිබේ විසින් ආරම්භ කරන ලක විපක්ෂ කොන්සර්වේටිව් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථාන පක්ෂයේ සාමාජිකයෙකුද වේ.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

බොගෝටා හී පොදු උද්‍යානයක ප්‍රචාරක උත්සවයක් අතරතුර මිගෙල් උරිබේට වෙඩි තබා ඇති අතර සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවයට ගෙන ඇති බවත් එරට පොලිස් සේවය සඳහන් කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති උරිබේගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිව නැත.

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බර අඩු කරන්න ගත් එන්නතක ප්‍රතිවිපරම්? කාන්තාවන් 40ක් ගැබ් ගනියි!

බොගෝටා හී නගරාධිපති කාලෝස් ගැලන් පවසා ඇත්තේ ෆොන්ටිබන් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයකින් පසු උරිබේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවට වාර්තා වන බවය. කෙසේ නමුත් අවශ්‍ය වුවහොත් කොලොම්බියානු අගනුවර සම්පූර්ණ රෝහල් ජාලය ඔහු වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවත් ඔහු පවසා තිබේ. කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් පැවසුවේ වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මීට සම්බන්ධ තවත් අය සිටීද යන්න පිළිබඳව බලධාරීන් විසින් විමර්ශනය කරන බවත්ය

ReeCha