ඇහුවොත් ඔබ පුදුම වෙයි...රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා අත් ඔරලෝසුවක් පළඳින මෙවර ජනපති අපේක්ෂකයා..
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාරදීමත් සමග සිය වත්කම් බැරකම් වාර්තාවක් ලබාදී තිබෙනවා. එහි පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබාදී තිබේ.
එම වාර්තාවල දූෂණ විරෝධි පනත යටතේ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට ද දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සංස්කරණය කරන ලද පිටපත් ලෙස මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
එහි තොරතුරු අනුව ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වත්කම් බැරකම් සහ පෞද්ගලික තොරතුරු කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින දැනට ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් අනුව මාසික වැටුප රුපියල් 97,500කි. පරිහරණය කරන වාහන තුනක් ඇත. VW TOWAREA ජිප් රථය සහ බෙන්ස් කාර් දෙකකි.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායකවරයා සහ සමගි ජන බලවේගය පක්ෂ නායකයා ලෙස කටයුතු කරන ඔහු ඉදිරිපත් කර ඇති මාසික මුළු ආදායම රුපියල් 295,681.14කි. වාහන පහක් පරිහරණය කරයි. ඩබල් කැබ් මිට්ෂුබිෂි රථ දෙකක්, ටොයෝටා ප්‍රාඩෝ ජීප් රථයක්, ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සහ මර්සිඩිස් බෙන්ස් රථයක් පරිහරණය කරන බව සඳහන් කර ඇත.
අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයාය. පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වේ. මාසික වැටුප රුපියල් 54,285කි. මාසික දීමනාවල එකතුව රුපියල් 202,517.34කි. බිරිඳ රැකියාවක නිරත නොවේ. භාවිත කරන වාහනය ලෙස ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථය සඳහන් කර ඇත.
නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායකවරයාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ නීතිඥවරයෙක් ලෙස කටයුතු කරයි. මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 400,000ක් හිමි වේ. භාවිත කරන වාහන ලෙස චේවා මෝටර් රථයක් සහ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සඳහන් කර ඇත.
සරත් ෆොන්සේකා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මාසික වැටුප රුපියල් 54,285කි. දීමනා ලෙස රුපියල් 263,500ක් හිමි වේ. භාවිත කරන වාහනය ටොයෝටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයකි.
විජයදාස රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ජනාධිපති නීතිඥවරයෙකි. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කරයි. මන්ත්‍රී වැටුප් දීමනා ද සමග රුපියල් 2,80,000කි. ටොයෝටා වී 8 (V8) ජීප්රථයක් භාවිත කරයි. ලෝටස් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස මාසික දීමනාව රුපියල් 1,345,000ක් හිමි වේ.
රොෂාන් රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙකි. මන්ත්‍රී වැටුප රුපියල් 65,00කි. දීමනා රුපියල් 340,00කි. ව්‍යාපාරික වැටුප රුපියල් 500,000කි. ජපානයෙන් ලැබෙන ව්‍යාපාරික වැටුප රුපියල් 3,000,000කී. ඔහු පළදින මැණික් සහ රත්‍රන්වලින් නිම වූ අත්ඔරලෝසු වටිනාකම රුපියල් මිලියන 12කි. (රුපියල් එක්කෝටි විසි ලක්ෂයකි.) භාවිත කරන වාහනය මස්ටෑන්ග් මෝටර් රථයකි.
(උපුටාගැනීමක්)