රාජ්‍ය සේවකයාට ජනපතිගෙන් සුබ පණිවුඩයක්

Report

රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින ලදි.

2027 වසරේ දී තෙවන වැටුප් වර්ධකය සිදු කිරීමට නියමිත බැවින් ඉන් පසුව රාජ්‍ය සේවයේ අනෙකුත් දීමනා ද ලබාදීම සම්බන්ධයෙන් සැලකිල්ලට ලක් කරන බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.

  ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ "රටම එකට" ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අමතමිනි රාජ්‍ය සේවයකයා සඳහා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව එතුමා එහිදී සදහන් කර තිබේ.

ඒ වගේම දිට්වා ව්‍යවසනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කළේ දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානියෙන් මිදීම සඳහා රුපියල් කෝටි 50,000ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර තොඉබෙන බවයි.

ගොවීන්ට සුබ පණිවිඩයක්

ගොවීන්ට සුබ පණිවිඩයක්

 ජනාධිපතිවරයා තව දුරටත් සදහන් කළේ ඒ සඳහා කිසිදු මුදලක් ණයට නොගත් බවත් කිසිදු මුදල් මුද්‍රණයක් සිදුනොකළ බවයි.

ඒ වන විට මහ භාණ්ඩාරයේ ගිණුමේ රුපියල් කෝටි 120,000ක් තිබූ බවත් එබැවින් මෙම රුපියල් කෝටි 50,000ක මුදල වෙන් කිරීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

ජනාධිපතිවරයා සදහන් කළේ මෙරටට බලපෑ දිට්වා ව්‍යවසනය හමුවේ රටට සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ වන බවට ලෝක බැංකුව විසින් ගණනය කර ඇති බවයි.

එය මෙරට දල ජාතික නිෂ්පාදනයෙන් 4%ක පමණ ප්‍රමාණයක් බවත් රජය ගෙන ගිය ශත්කිමත් ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවීමට තිබූ විශාල හානියෙන් මිදීමට හැකි වූ බවත් ජනාධිපතියා ප්‍රකාශ කර තිබේ.  

තරුණ‍ ජීවිතයක් බිළිගත් මාරක යතුරු පැදි අනතුර

තරුණ‍ ජීවිතයක් බිළිගත් මාරක යතුරු පැදි අනතුර