සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු බැලීමට ජනපති යයි...

Report

අද (22) පෙරවරුවේ සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේවස්ථානය වෙත ගොස් ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දක්වාත් අවසන් නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවා ඇත.

ශිෂ්ණ ආශ්‍රිත පිළිකාවල ශීඝ්‍ර වර්ධනයක් - පිරිමි පාර්ශ්වයේ අවධානයට

ශිෂ්ණ ආශ්‍රිත පිළිකාවල ශීඝ්‍ර වර්ධනයක් - පිරිමි පාර්ශ්වයේ අවධානයට

අද එහි වැඩ කටයුතු පිළිබද සොයා බැලීමට ගිය එතුමා දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි අතර ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක වෙත උපදෙස් ලබා දී ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ය.

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

ජනපති රනිල් විසින් අද මඩකලපුවේ නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කෙරේ...

එමෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද හමුදාවේ සහාය ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහි දී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දී තිබේ.