කුමන ව්‍යසනයන් හමුවේ වුවත් න්‍යාය පත්‍රයන් හකුළන්නේ නෑ ජනපති කියයි

Report

මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර තිබේ.

  ජනාධිපතිවරයා මේ අදහස් ඉදිරිපත් කළේ රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක 'REBUILDING SRI LANKA'ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

  ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ආර්ථික ව්‍යසනයකට මුහුණ දී තිබුණු රට ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින මොහොතක අන්පේක්ෂිත ලෙස දිට්වා සුළි කුණාටුවට මුහුණදීමට රටට සිදුවු බවත් නමුත් ඒ හේතුවෙන් කිසිදු අවස්ථාවක ඇඟබේරා ගැනීමට අවශ්‍යතාවයක් ඇති නොවුණ බවයි.

මෙරටින් සමුගෙන යාමට සැරසෙන ජූලි චන්ග් ජනපති හමු වෙයි

මෙරටින් සමුගෙන යාමට සැරසෙන ජූලි චන්ග් ජනපති හමු වෙයි

  ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේ

"අපි පොරබඳන්නේ අපි සකස් කර ඇති න්‍යාය පත්‍රය හකුළුවන්නේ නැතුව මේ ව්‍යසනයට මුහුණදෙන්නේ කොහොමද" යන්නයි.

තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා

"අපිට මේ ව්‍යසනය මත බොහෝ දේවල් තියලා ඇඟබේරා ගන්න හැකියාව තිබුණා අවශ්‍ය නම්. ඉතිහාසයේ අපි එහෙම තමා ගමන් කරේ. අවුරුදු 30ක් සියලු විනාශයන් හේත්තු කළා යුද්ධයකට. එහෙමයි අපිට තිබුණේ. යම් වසංගත තත්ත්වයන් තමා මේ ව්‍යසනයේ ආවරණය බවට පත්කර ගත්තේ. අපිට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නෑ අපේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට මෙය භාවිත කරන්නෙ නෑ කියලා තීරණයකට ආවා."

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ

පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා සදහන් කළේ මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 24ක් ගොදුරු බවට පත්වූ අතර, නිවාස 6,000ක් පමණ අහිමි වූ බවයි.

ඒ වගේම ආපදා හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 110,000කට පමණ හානි සිදුවු අතර, නිවාස හානි සිදුනොවුණත් ජනතාවට අවදානම් තත්ත්වය තුළ ඉවත්වීමට දැනුම් දී ඇති නිවාස 10,000ක් පමණ හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබේ.