ජනපති ට්‍රම්ප් ලබන වසරේදී ඉන්දියාවට

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන වසරේදී ඉන්දියාව සංචාරය කළ හැකි බවත්, ඉන්දියාව එක්සත් ජනපදයට ඉතා අත්‍යවශ්‍ය රටක් බවත් ඉන්දියාවේ නව අමෙරිකානු තානාපති සර්ජියෝ ගෝර් පවසයි.

දිල්ලියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී අදහස් දැක්වූ තනාපතිවරයා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ට්‍රම්ප්ගේ මිත්‍රත්වය “සැබෑ” බවත්, සැබෑ මිතුරන්ට තම වෙනස්කම් විසඳා ගත හැකි බවත් ඔහු පවසයි.

ඉන්දියාව සහ එක්සත් ජනපදය වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින අතර, ඒ සඳහා ඊළඟ හමුව පැවැත්වීමට නියමිත බව ද තානාපතිවරයා සඳහන් කළද, එහි සහභාගී වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ විස්තර මෙතෙක් ලබා දී නොමැත.

ආයෙත් රන් සහ රිදී මිලේ කැපී පෙනෙන ලෙස ඉහළට

ආයෙත් රන් සහ රිදී මිලේ කැපී පෙනෙන ලෙස ඉහළට

පසුගිය අගෝස්තු මාසයේදී අමෙරිකාව ඉන්දියානු භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවූ අතර, ඒ නිසා ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා දැඩි වූ බව වාර්තා වේ.

මෙම තීරුබදු ක්‍රියාත්මක වීමට හේතු වූයේ, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීමේදී එක්සත් ජනපදයට එරෙහිව ක්‍රියා කළ බවයි.      

අබිරහස් ලෙස මිය ගිය පුතුගේ දේහය යළි ගොඩගනියි - මව පියා අත්අඩංගුවට

අබිරහස් ලෙස මිය ගිය පුතුගේ දේහය යළි ගොඩගනියි - මව පියා අත්අඩංගුවට