ඥානසාර හිමිගේ සිවුරේ ගැටලුව දරුණු වෙයි - මහා සංඝරත්නය හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්
අද (08) දිනයේ අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන ගරුතර මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගතකෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
එම සාකච්ඡාව අද, ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.