රට කැළඹූ බන්ධනාගාර තත්ත්වයන් පිළිබඳ වහා පියවර ගැනීමට ජනපති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Report

බන්ධනාගාරයන් හී පවතින තත්ත්වයන් සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) දින පස්වරුවේ පැවැත්වෙන බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව අද(07) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළා.

එසේම වර්තමානයේ බන්ධාගාරවල පවතින නොසන්සුන්තාවය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බන්ධනාගාර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවෙමින් තත්ත්වයන් පාලනයට රජය උත්සාහ ගනිමින් සිටින බවයි.

මෙය කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නොවේ - රටම නොසන්සුන් කළ බන්ධනාගාර සිද්ධි සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙය කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නොවේ - රටම නොසන්සුන් කළ බන්ධනාගාර සිද්ධි සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බව සඳහන්.

ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බවත් මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා,

"අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වගේම බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම්පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා."

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න