කප්පම් ඉල්ලා පැහැරගත් මෙරට කෝටිපති යුවළගේ දිවි ගැලවූ ජනපති අනුර

Report

පසුගිය දවසක ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණ ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කරන ආනන්ද පතිරණ සහ ඔහුගේ බිරිඳ ප්‍රින්සි පතිරණ යන අය බංග්ලාදේශ සංචාරයක් අතුරතුර දී කප්පම් කල්ලියක් විසින් 23 දිනයේ දී පැහැර ගැනීමකට ලක්වුණා.

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ හැංගි හොරා මාට්ටු

අදාළ කප්පම් කල්ලිය මෝල් එක අරමුණ වුනේ ඔවුන් මුදා හැරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන 20ක මුදලක් අවශ්‍ය බවයි. මෙම අවාසනාවන්ත සිදුවීම බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් ශ්‍රී ලංකා රජය වෙත දැන්වීමෙන් පසුව ඔවුන් ඉන් මුදවා ගැනීමට රජය වහා ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අනුර දිසානායකගේ උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තෝ, රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් වනිගසූරිය සහ විදේශ කටයතු අමාත්‍යංශයේ සුනිල් සිල්වා යන පිරිස බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සමඟ එක්ව කප්පම් කල්ලිය භාරයේ සිටි එම යුවල මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබුණා.

බංග්ලාදේශයේ පොලිසියේ සහායෙන් එම ව්‍යාපාරික යුවල මුදවාගෙන මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවට වාර්තා වෙනවා. රජයේ ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි