ජනපතිගේ වියට්නාම සංචාරය - ගිවිසුම් කිහිපයක් සූදානම්

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka Vienna Sinhala news
By Shehan May 02, 2025 06:19 AM GMT
Shehan

Shehan

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 සිට 06 දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයකට එක්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපති, අගමැති සහ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට නියමිතය.

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

නිලන්තිගේ කට හින්දා කරකියා ගන්න දැයක් නැතුව තැන් තැන්වල නෝන්ඩි වෙන නලින්ද

ජනාධිපතිවරයා හෝ චි මිං නගරයේ එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන අතර, එහිදී ප්‍රධාන දේශනයක් පවත්වයි.

දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටත්, ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්වීමටත් ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

ලංකාව හිර වෙයි.. IMF අත අරී.. ඉස්සරහට මොනවා වෙයි ද?

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන මෙම වසරේ, මෙම සංචාරය ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්වන බව අමාත්‍යංශය සඳහන් කරයි.

මාස හයකින් මොකුත් කරන්න බෑ.. බොරුවට හූනු බිජුවත් ඉල්ලන්න එපා..- ජනපති සැර වෙයි!

මාස හයකින් මොකුත් කරන්න බෑ.. බොරුවට හූනු බිජුවත් ඉල්ලන්න එපා..- ජනපති සැර වෙයි!

ReeCha