ගොඩ ගැහුණු රස පරීක්ෂක වාර්තා 9,000කට කරන්න යන දේ ගැන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මාසය තුළ අවසන් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.
එම කටයුතු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු කෙරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද දින අමාත්‍යවරයා දළුපොත පල්ලන්සේන බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදීයි.