පළමූ විදෙස් සංචාරය නිමවා ජනපති යළි දිවයිනට...(VIDEO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

 ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

ජනාධිපතිවරයා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත, අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි.

සිගිති දියණියගේ හැඩුම නවත්තන්න නරුම පියෙකු කල අපරාදයක්..

සිගිති දියණියගේ හැඩුම නවත්තන්න නරුම පියෙකු කල අපරාදයක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව සඳහන්ය.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 15 දින සිය ඉන්දීය සංචාරය සඳහා පිටත්ව ගියේය.

සබරගමුව කැළඹේ ..සරසවි සිසුහු හතක් හදිසියේ රෝහලට..සිද්ධියට එරෙහිව සරසවි සිසුන් වීදි බසී..

සබරගමුව කැළඹේ ..සරසවි සිසුහු හතක් හදිසියේ රෝහලට..සිද්ධියට එරෙහිව සරසවි සිසුන් වීදි බසී..

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය, ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුද්ධගායාවද වැඳපුදා ගත්තේය.

You may like this video