අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

Report

2026 වසරට වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) දින පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දින පස්වරු 01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත බවයි.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

එමෙන්ම අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිත බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.

එසේම 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් බව වාර්තා වේ.

මේ අතර ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634ක් බව සඳහන්.

එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක් වෙන්කර ඇත.

තවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455ක් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය වෙනුවෙන් වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 11ක්.

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල් සඳහා විශේෂ දැනුම්දීමක්

කෙසේ වෙතත් මෙය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක් පමණ වැඩිවීමක් ලෙස දැක්වේ.

එයට හේතුව ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම බව සඳහන්.

තවද 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබෙනවා.

ඊට අමතරව 2026 වර්ෂය සඳහා වියදම් පියවාගැනීමේදී දේශීය හා විදේශීය ලෙස ලබාගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 3,800ක් වශයෙන් දක්වා ඇති අතර එය නොඉක්ම විය යුතු බව ද විසර්ජන පනත් කෙටුම්පතේ පෙන්වා දෙයි.

හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙන අද දවස මේ ලග්නවලට ඉතාම සුබයි

හැමෝමත් එක්ක සතුටින් කාලය ගත කරන්න ලැබෙන අද දවස මේ ලග්නවලට ඉතාම සුබයි