ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරිලා..

Report

ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු අනිවාර්යෙන්ම සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට පොලිසියත් උපකාර කරලද? ...

ගණේමුල්ල සංජීව ඝාතනයට පොලිසියත් උපකාර කරලද? ...

10වන පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවයි.

අධිකරණ සංකීර්ණයේදී සංජීවට වෙඩි වැදෙන කොටම ගුවන්විදුලි නාලිකාවකට ආපු ඇමතුම...

අධිකරණ සංකීර්ණයේදී සංජීවට වෙඩි වැදෙන කොටම ගුවන්විදුලි නාලිකාවකට ආපු ඇමතුම...

මේ අතර මෙම අවස්ථාවට එක්වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙරට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව පිළිබඳ අදහස් දක්වා ඇත.

හෙතෙම පෙන්වා දී ඇත්තේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කර ඇති බවයි. ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසා තිබේ.

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරිලා.. | President Prepares To Eradicate The Underworld

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරිලා.. | President Prepares To Eradicate The Underworld

You may like this video

GalleryGallery