ජනපති පොලිස් බැති ගී අහන්න නෙලුම් පොකුණ රඟහලට.(PHOTOS)

Report

2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය සංවිධානය කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වී තිබෙනවා.

කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්වුණි. එම අවස්තාව විචිත්‍රවත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ සංගීතයෙන් සහ ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නර්තනයෙන් හැකි විණි .

නවීන තාක්ෂණයත් සමඟ ඇති වන ගැටළු වලට බුදු දහම තුළින් විසඳුම් ඇතැයි ජනපති රනිල් පවසයි... (PHOTOS)

නවීන තාක්ෂණයත් සමඟ ඇති වන ගැටළු වලට බුදු දහම තුළින් විසඳුම් ඇතැයි ජනපති රනිල් පවසයි... (PHOTOS)

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වෙසක් බැති ගී ප්‍රසංගය නැරඹීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානී ගුණතිලක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරු ද සහභාගී වූ බව වාර්තා වේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery