සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බව ජනපති කියයි

Report

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

තවද ජනාධිපතිවරයා සදහන් කළේ දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවයි .

සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ .

මෙම අවස්තාව සදහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා මෙන්ම සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර මහතා එක්වී තිබේ .

තවද සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් නියෝජනය කරමින් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක, ජානකී විජේරත්න (Lyca Productions), ජනිත් ප්‍රසන්න විතානගේ (JP Ceneplex-Kandy), තුෂාන් රනගන මීමනගේ (LFD), රුවිඳු ගුණරත්න (EAP), අනුර ජසෙන්තුලියන (Lite Cinema), ඉම්තියාස් කාදර් (CEL), ගංගා රතුවිතාන (Ceylon Theaters) සහ අනුෂ්ක එගොඩවත්ත (PVR) යන මහත්ම මහත්මීන් ද මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වී තිබේ.

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

මෙහිදී සිනමා කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් විය.

එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දී තිබේ.

 සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් විසින් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ විසින් ජනාධි පතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

තවද 2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇති වග ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

ඔවුන් ජනපතිගෙන් ඉල්ලා සිටියේ එය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසයි.   

අනුරට සද්දේ දැම්ම සංගීත් ගෙන්වයි - වෙන්න ඕනෙ මොකක්ද කියලා මූණටම අහයි

අනුරට සද්දේ දැම්ම සංගීත් ගෙන්වයි - වෙන්න ඕනෙ මොකක්ද කියලා මූණටම අහයි

GalleryGalleryGalleryGalleryGallery