ඡන්ද ලක්ෂ 30 ක් ප්‍රකාශ කරන්න නොහැකි වෙයි..එය බරපතල ප්‍රශ්ණයක්..

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Aruna Sep 09, 2024 02:40 AM GMT
Aruna

Aruna

Report

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කර සිටිනවා.

නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව යුතු යැයිද මෙය මුළුමනින්ම රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද මැතිවරණ නිරීක්ෂකයෝ වැඩිදුරටත් අවධාරණය කරයි.

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..

වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ගත් තීරණයකට සිදු වූ දේ..


මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවසුවේ, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු උනන්දුවක් දක්වා නැති බවයි.

සිරකරුවාගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ දිනයේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නැතැයි රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.