ශ්‍රී ලංකාවට ජර්මනියෙන් නව අවස්ථා – අනුර සහ ජර්මානු ඇමති සාකච්ඡා

Report

ජර්මනියේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

මෙම හමුව බර්ලින්හි පිහිටි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී සිදු විය. සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වූයේ, ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත පදනම්ව, වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන, සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමට හැකි නව මාර්ග ගවේෂණය කිරීමයි.

මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව උණුසුම් වෙයි - ගොඨාගේ චන්ඩි ගෝලයා අත්තඩංගුවට

මාධ්‍යවේදී එක්නැලිගොඩ නඩුව උණුසුම් වෙයි - ගොඨාගේ චන්ඩි ගෝලයා අත්තඩංගුවට

මෙම සාකච්ඡා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ ජර්මනිය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම හමුවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා වෙළෙඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (යුරෝපය සහ උතුරු ඇමෙරිකාව) සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය මගින් මරණ 2ක්! - සෞඛ්‍ය අංශයෙන් නව අනතුරු ඇඟවීමක්

මෙම සාකච්ඡාවලින් බලාපොරොත්තු වන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජනනයට ජර්මනියේ සහාය ලබා ගැනීමත්, දෙරට අතර දිගුකාලීන සහයෝගීතාවයක් ගොඩනැඟීමත් ය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමේ තවත් පියවරක් ලෙස විචාරකයන් පෙන්වා දෙති.

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..

ඉහළ ගිය විදුලි බිල එක්ක ඒකකය මිල වෙනස් වෙන්නේ මෙහෙමයි..