ජර්මනියේ නිල සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත්වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරතවීම සඳහා අද (10) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඒ, ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර්ගේ ආරාධනාවකට අනුව ය.
හෙට (11) සිට ජුනි 13 දක්වා සිදුකරන සිය සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපතිවරය , ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් ඉහළ පෙළේ නියෝජිතයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවනු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද මෙම සංචාරය සඳහා එක්වී සිටී.
පිරිස අද රාත්‍රී 08.33ට පමණ දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජර්මනිය වෙත යෑමට නියමිතය.මෙහිදී සංචාරක කර්මාන්තය එවගේම ආයෝජනය පිළිබඳව දෙරටේ අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් බවත් සඳහන්.