ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන නවතම සමීක්ෂණයකින් හෙළිවූ දේ මෙන්න..
ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සහතික යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණය පමණක් නොව වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයගත් ජනාධිපතිවරයා වන්නේද පේ‍්‍රමදාස මහතා බවයි.
මෙවර සජිත් ප්‍රේමදාස මහතා දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් ඡන්ද ලබා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
හෙතෙම තවදුරටත් කියා සිටියේ, මේ වන විට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා වලින්ද එම සංඛ්‍යා ලේඛන තහවුරු වී ඇති බවයි.
විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කර තිබේ.