අද ජනාධිපති විවාද සටනට එන අපේක්ෂකයින් මෙන්න..
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද විවාදය සඳහා විජයදාස රාජපක්ෂ,නුවන් බෝපගේ,සරත් මනමේන්ද්‍ර,අනෝජ් ද සිල්වා, ඕෂල හේරත් සහ ප්‍රියන්ත වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතව ඇත.
විවාදය අද පස්වරු 3.00 සිට 5.00 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
පළමු දිනය වූ ඊයේ (07)විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව තිබුන ද ඒ සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර මහතා පමණක් වීමද විශේෂත්වයක්.