අද රෑ ජාතිය අමතන, ජනපති හවස හදිසියේම කැබිනට්ටුව කැඳවයි..
අද (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත්, එයට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දුන් බවය.
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටීමක් සිදුකර තිබෙනවා.
ඒ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම ලබාදෙන ලෙසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් උත්සවය අමතමින් ය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉඩම් උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය.
සම්පූර්ණ විස්තරය පහතින්,