ජනපති දැඩි තීරණයක - වහාම ජනතාවටත් දන්වයි..

Ampara Ranil Wickremesinghe President of Sri lanka Latest Headlines Decision Making
By krishani Jun 25, 2024 03:49 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් සහ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටීමක් සිදුකර තිබෙනවා.

ජනපති දැඩි තීරණයක - වහාම ජනතාවටත් දන්වයි.. | Urumaya Freehold Land Deed Program

ඒ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම ලබාදෙන ලෙසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහනෙහි අම්පාර දිස්ත්‍රික් උත්සවය අමතමින් ය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉඩම් උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවය.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද (25) සිදු කෙරුණේ ය.

ඒ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ දී ය.

කෙසේ වෙතත්, එහිදී සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,758ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු පිරි නැමුණේ ය.