ජනපති අනුර දෙසැම්බරයේ කරන්න හදන දේ..

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බවයි.

සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා ඒ බව පැවසීය.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.