"..ලිහල බැලිය යුතු මල්ල - ඔබලා බැලීම අනවශ්‍යයි.. දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින්න.." ජනපති මොකක්ද මේ කියන්නේ..?

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka President of Sri lanka Latest Headlines
By Sewvandhi Sep 23, 2024 03:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන්ගේ පාර්ශ්වයෙන් ජනතාව බලාපොරොත්තු වන විශාල වෙනස ඇති කරලීමට ගත හැකි සෑම වෙනසක් ම ගැනීමට කටයුතු කරන බවයි.

රටේ එක් තැනක නොව පද්ධතියේ ම වෙනසක් ඇති කරලීමට අවශ්‍ය ව ඇති බවත් ඊට අවශ්‍ය සියලු ම කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවත් නව ජනාධිපතිවරයා කියා සිටියා.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පළමු දින ම සිදු කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවට කළ ප්‍රකාශය මතක දැයි යනුවෙන්. ඊට නව ජනාධිපතිවරයා සිනහ මුසු මුහුණින් ප්‍රකාශ කළේ:

'ලිහල බැලිය යුතු මල්ල - ඔබලා බැලීම අනවශ්‍ය බවත් දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින ලෙසයි.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%