ශ්‍රී ලංකාවේ Adani Group ව්‍යාපෘති ගැන ජනපති අනුර ඉන්දියාවේදී කළ අනාවරණය.

Report

අදානි සමූහ ව්‍යාපාරය ලොව වෙනත් රටවල් සමග සිදු කරනු ලබන ගනුදෙනු පිළිබඳ ශ්‍රී ලංකා රජය තැකීමක් නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඉන්දියාවේ The Economic Times පුවත් සේවය සමග අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය අවධානය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ අදානි සමූහ ව්‍යාපාරය සිදු කරන දෑ සම්බන්ධයෙන් පමණක් බවයි.

IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)

IMF එකෙන් PAYE Tax අඩු කරයි. - අඩු අදායම් ලබන අයට වාසිය ලැබෙන්නේ මෙහෙමයි. - බැංකු පොලියෙන් ජීවත් වන අයටත් වාසි. - (VIDEO)

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ආණ්ඩුව තවත් ඉන්දියානු ආයෝජන සඳහා මාර්ග විවර කිරීමට අදහස් කරන බව එහි දී පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම පුවත් වාර්තාව සඳහන් කර තිබුණේ මෙලෙසින්,

“අපි මූලික වශයෙන් අපේ ආයෝජන, අපේ සංවර්ධනය ගැන සැළකිලිමත් වෙනවා. ඔවුන් අපේ රටේ වැඩකළ ආකාරය අපි සොයා බලනවා, ඔවුන් අපට ගැළපෙන, අපගේ මුල පිරීම්වලට ගැළපෙන ආකාරයට කටයුතු කර ඇත්නම්, අපි අදානි සමූහය සමඟ වැඩකළාට කමක් නැහැ.”

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව අදානි සමූහය පිළිබඳව රාමුවක සිට නොබලන බව පැවසුවත්, අදානි සමූහය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පාරිසරික ගැටළු කිහිපයක් පිළිබඳව සඳහන් කළ බවයි අදාල පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙන්න සුබ ආරංචියක්. - පෞද්ගලික පරිහරණයට මෝටර් රථ ආනයනය කරන දිනය ගැන ජනපති ප්‍රකාශ කරයි. - (VIDEO)

මෙන්න සුබ ආරංචියක්. - පෞද්ගලික පරිහරණයට මෝටර් රථ ආනයනය කරන දිනය ගැන ජනපති ප්‍රකාශ කරයි. - (VIDEO)


You May Like This Video