ජනාධිපතිවරණය පවත් වන දිනය දැනුම් දෙයි..
2024 වසරේ ජනපතිවරණයට අදාළ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මීට සුළු වෙලාවකට පෙර නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනපතිවරණය ලබන සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනයකර සිටින්නේ.
එමෙන්ම මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිත බවයි.
මේ අතර, රාජගිරිය - සරණ මාවතේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මීට අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ?