ප්‍රබල හිටපු ජනාධිපතිවරයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි..
නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ අතර, අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ රහස්‍ය ලේඛණ තොගයක් සඟවා තබා ගැනීම සම්බන්ධ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.
රහස්‍ය ලේඛන සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහි අපරාධ චෝදනා 40ක් යටතේ නඩුව විභාගයට ගනු ලැබූයේ ෆ්ලොරිඩාහි අධිකරණයක් මගිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජාතික ආරක්ෂක තොරතුරු හිතාමතා රඳවා තබා ගැනීම ඇතුළු රහසිගත ලේඛන සගවා තබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ චෝදනා කිහිපයකට ට්‍රම්ප් නිවැරදිකරු බවට විනිසුරුවරයා තීන්දු කර ඇති බවයි.
