ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කරයි
බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය හොබවන ප්‍රේමසිරි රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
ඔහු මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව බවද සඳහන් කළේය.
රාජකාරි නිසි ලෙස ඉටු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රේමසිරි රත්නායක මහතා 2024 ජනවාරි මාසයේදී බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූ අතර, පසුගිය කාලය තුළ ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා සලකා බලමින් මෙම තීරණය ගත් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස කසුන් වැල්ලහේවා මහතා පත්කර ඇත.
