එකපාරම විදෙස් ගමන් තහනමක් දැම්මේ කාටද?

By Zara Mar 17, 2025 04:40 PM GMT
Report

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අද (17) දින මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පැනවූ නියෝගයකට අනුවයි.

මෙලෙස මොවුන්ට විදේශ ගමන් තහනමට ලක්ව ඇත්තේ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළවයි.

එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුලු සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

කඩවුණු පොරොන්දුව... කම්පනය මැදිරිගිරියෙන් පේනවා.... ආණ්ඩුවට වක්‍රව කියපු කතාවක් ද?

කඩවුණු පොරොන්දුව... කම්පනය මැදිරිගිරියෙන් පේනවා.... ආණ්ඩුවට වක්‍රව කියපු කතාවක් ද?