හිටපු ඇමති ප්‍රසන්නට වරෙන්තු - මර්වින් ඇතුළු 4ක් යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව අප්‍රේල් 21 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.
එසේම, මෙම සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ල වී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා තීන්දු කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා දැමීමේ සිද්ධියකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතාව අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ වන විට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.