සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතිය යලි අරඹන්න ප්‍රසන්න ඉදිරිපත් වේ...

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස ඇමැති ලෙස කටයුතු කළ සමයේ දී ආරම්භ කරන ලද නිවාස 44,053ක වැඩ අවසන් නොකර අතරමඟ නතර වී ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසා සිටිනවා.

සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015 - 2019 කාලයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස වැඩසටහන් 7ක් ක්‍රියාත්මක කර ඇති අතර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන සීමාව ඉක්මවා නිවාස ඉදිකළ බැවින්, වැඩ අවසන් කිරීමට අවශ්‍ය මුදල් නොමැති වීම හේතුවෙන් මෙම නිවාස ඉදිකිරීම තාවකාලිකව නතර කෙරුණු බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසී ය.

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතිය යලි අරඹන්න ප්‍රසන්න ඉදිරිපත් වේ... | Prasanna Offered To Restart Sajith Housing Project

ඔහු ඉදිකිරීමට ඇස්තමේන්තු කළ නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 මුදලක් වැය වන බව ගණන් බලා ඇති අතර එම ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)


ඒ අනුව, ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ නිවාස 28537ක්, විසිරි ණය ව්‍යාපෘතිය යටතේ නිවාස 7063ක්, විසිරි ණය ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1036ක්, ශ්‍රම ශක්ති ව්‍යාපෘතිය යටතේ නිවාස 1318ක්, විරු සුමිතුරු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 53ක්, වකුගඩු ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 1416ක්, ගංවතුර ආධාර ව්‍යාපෘතිය යටතේ නිවාස 4630ක් වශයෙන් නිවාස 44053ක වැඩ අවසන් කිරීමට නියමිතව ඇත.

එක් උදාගම්මාන වැඩසටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා වෙන් කිරීම මීට හේතු වී ඇති අතර ,වැඩ අවසන් නොකළ මෙම නිවාස ඉදිකර අවසන් කරන තුරු නව නිවාස ව්‍යාපෘති ආරම්භ නොකිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇත. 

Gallery