ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන සඳහා ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීමට සාකච්ඡාවක්

Report

රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන සඳහා ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (13) දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.

ඒ සඳහා ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය සහ අදාළ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන කාර්යාංශයේ සහ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ද එක්ව තිබුණ බව සඳහන්.

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

වාහන අංක මෙහෙම තිබ්බොත් වැඩ වරදියි - අයිතිකරුවන් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට

එහිදී ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලිය තුළ සංවර්ධන අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගැනීමට අවශ්‍ය දත්ත එක් ඩිජිටල් වේදිකාවකට ඒකාබද්ධ කිරීමේ හැකියාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීමට මෙම දත්ත පද්ධතිය යොදාගත හැකි ආකාරය සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ද අවධානය යොමු ව ඇත.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න

මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න