හිටපු ජනාධිපතිවරයකු වෙනත් රටකදි මියයයි
By Sithumi
මාස 1 කට පෙර
පාකිස්තානයේ හිටපු ජනාධිපතිවරයෙකුවූ ජෙනරල් පර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්තවී තිබෙනවා.
දිගු කලක් රෝගාතුරව සිටි ඔහු ඩුබායිහි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියයන විට ඔහු 79 වන වියේ පසුවුණා
. 1999 වසරේදී ලේ වැගිරීමකින් තොර හමුදා කුමන්ත්‍රණයකින් පාකිස්තානයේ බලය අල්ලාගත් පර්වේස් මුෂාරෆ් 2001 වසරේ සිට 2008 වසර දක්වා එරට දස වෙනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා
.
ශරීර අවයවවලට හානි වන “ඇමිලොයිඩෝසිස්’‘ නම් රෝගයෙන් පීඩා විදි ඔහු 2016 වසරේ සිට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
