විදුලිය ගැන සුබ ආරංචියක් - කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට
By Malith Madushan
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් පසු කොළඹ, ගම්පහ, ගාල්ල සහ බදුල්ල යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර තිබේ.
ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම මේ බව සඳහන් කර ඇත. සම්ප්රේෂණ ජාලයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ මෙම හදිසි විදුලි බිඳවැටීම සිදුවිය.
කෙසේ වෙතත්, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන අතර, ප්රදේශ අනුව විදුලිය යථා තත්ත්වයට පත්වීමේ තත්ත්වය වෙනස් විය හැකිය.