විපක්ෂයෙන් පාස්කු ප්‍රහාරය ගැන දැඩි විවාදයක්

Report

මෙම සතිය තුළ පාර්ලිමේන්තු කටයුතු තීරණාත්මක ලෙස පැවැත්වීමට නියමිත අතර, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදයද විශේෂ අවධානයට ලක්ව තිබේ. පාර්ලිමේන්තුව හෙට (07) සිට දින තුනක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තීරණය කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගනු ලැබීය. හෙට දිනයේ පෙ.ව. 11.30 සිට ප.ව. 4.45 දක්වා ක්‍රීඩා කටයුතුවලදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීමේ සම්මුති පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ රෙගුලාසි සහ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාදයට ගැනීමට නියමිතය.

ට්‍රම්ප්ගේ තර්ජනට ඉරානයෙන් උපහාසාත්මක ප්‍රතිචාර

ට්‍රම්ප්ගේ තර්ජනට ඉරානයෙන් උපහාසාත්මක ප්‍රතිචාර

එමෙන්ම, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන කියවීම සඳහාද නියමිත අතර, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කර නොමැති බව සඳහන් වේ. රජය විසින් බදාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 2.00 දක්වා හමුදා, නාවික සහ ගුවන් හමුදා පනත් යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත අතර, අවශ්‍ය නම් මහජන ආරක්ෂක ආඥා පනත සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ප්‍රකාශයන්ට අනුමැතිය ලබාදීම සඳහා යෝජනාද ඉදිරිපත් කෙරේ.

ඊශ්‍රායලයේ හයිෆා හි ඉරාන මිසයිල ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන්

ඊශ්‍රායලයේ හයිෆා හි ඉරාන මිසයිල ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු අතුරුදහන්

ඉන් අනතුරුව ප.ව. 2.00 සිට ප.ව. 5.30 දක්වා 2019 පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කළ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය. එසේම, සිකුරාදා දිනයේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකා ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී මරුට

ඇමරිකා ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී මරුට