ඇමරිකා ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා බුද්ධි ප්‍රධානී මරුට

Report

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛාදෙමි (Majid Khademi) අද (06) අලුයම එල්ල වූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි.

ඒ අනුව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තම බුද්ධි ප්‍රධානියා "ඇමෙරිකානු - සියොන්වාදී සතුරා" විසින් එල්ල කරන ලද "ත්‍රස්තවාදී ප්‍රහාරයකින්" මෙලෙස මියගිය බවයි.

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි

පැය 24ක් තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කළ බව ඉරානය කියයි

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානය සහ ඇමෙරිකාව අතර සටන් විරාමයක් සඳහා වන සාම සැලසුම් පිළිබඳ සාකච්ඡා වෙමින් පවතින තීරණාත්මක පසුබිමක වීම විශේෂත්වයකි.

ප්‍රබල සහ අත්දැකීම් බහුල නිලධාරියෙකු වන මජිඩ් ඛාදෙමි ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැත.

වියළි කාලගුණික තත්ත්වය මත යට වූ ගම්මානයක් යළි මතුවේ

වියළි කාලගුණික තත්ත්වය මත යට වූ ගම්මානයක් යළි මතුවේ

කෙසේ වෙතත්, මෙම ඝාතනයත් සමඟ කලාපීය නොසන්සුන්කාරී වාතාවරණය තවදුරටත් උත්සන්න වනු ඇතැයි විදෙස් දේශපාලන විචාරකයෝ මත පළ කරති.