තැපැල් සේවාවේ ප්‍රශ්න ගොඩයි, පුරප්පාඩු හත්දහසක්
තැපැල් සේවාවේ පවතින හත්දහසකට (7,000) ආසන්න පුරප්පාඩු සංඛ්‍යාව තැපැල් සේවා කටයුතුවලට තදබල ලෙස බලපාන බව ත් මේ නිසා ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමට නොහැකි වී තිබෙන බව ත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කර තිබේ.
එම සංගමයේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කරන්නේ මෙම පුරප්පාඩුවලින් එක්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් පවතින්නේ තැපැල්කරු සේවාවට අදාළව බව ත් පවතින සේවක හිඟය නිසා ඇතැම් ප්‍රදේශවලට ලිපි බෙදා දීම සිදු කරනු ලබන්නේ සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් බවයි.
තවද පවතින පුරප්පාඩු නිසා තැපැල්කරුවන්ට කලාප කිහිපයකට ම එක් දිනක් තුළ ලිපි රාශියක් බෙදා දීමට සිදුව තිබීම හේතුවෙන් එම පිරිස් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන බවත් ඔහු සදහන් කර තිබේ .
තැපැල් සේවාවට අදාළව සේවකයන් විසිහයදහසක් (26,000) සේවයේ නිරතව සිටිය යුතු වුවත් මේ වන විට සේවය කරනු ලබන්නේ දහනව දහසකට (19,000) ආසන්න සේවක සංඛ්‍යාවක් වන බවද හෙතෙම සදහන් කර තිබේ .
ඒ වගේම කැඳවුම්කරු සඳහන් කර තිබෙනුයේ තැපැල් ස්ථානාධිපති සේවාව තුළත් පුරප්පාඩු දෙදහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් පවතින බව ත් ලිපි තේරීම් ඇතුළු කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලත් මෙපරිද්දෙන්ම පුරප්පාඩු රැසක් ඇති වී තිබෙන බවයි.
තවද පසුගිය කාලයේදි කනිෂ්ඨ කාර්ය මණ්ඩලවලට ආදාළව බඳවා ගැනීම් සිදුවූ බව ත් එලෙස බඳවා ගැනීම් සිදුකරනු ලැබුවේ තැපැල් සේවාව තුළ අනියම් හා අදේශක පදනමින් සේවය කළ පිරිස් වන අතර මේ නිසා පවතින පුරප්පාඩු සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම පවතින බව ත් චින්තක බණ්ඩාර ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ තැපැල් සේවාවේ පුරප්පාඩු සම්පූර්ණ වීමට නම් පිටතින් බඳවා ගැනීම් සිදුකළ යුතු බව ත් එසේ නොමැතිව සේවාව තුළ සිටින අදේශක හා අනියම් පදනමින් සිටින පිරිස් ස්ථීර සේවයට ඇතුළත් කර ගැනීම තුළින් අදාළ ගැටලුවට විසඳුම් නොලැබෙන බවයි.