තැපැල් ඡන්ද සලකුණු කිරීම අද
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.
අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන පුද්ගලයින්ට 25, 28 සහ 29 යන දිනවල ඒ සඳහා අවස්ථාව ලැබෙනවා.
සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මහනුවර විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.
ඒ අනුව, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතයි.