රජයේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී පත් කිරීමට කැබිනට් අනුමැතිය..

By Piyumika Oct 15, 2024 06:27 AM GMT
Report

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

හේෂාගේ කුකුස තමා හේතුව..ඉවසීමේ සීමාවක් තියෙනවා .. මගේ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා

හේෂාගේ කුකුස තමා හේතුව..ඉවසීමේ සීමාවක් තියෙනවා .. මගේ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ

තීරණාත්මක දවස අදයි.. තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තුව අද..

තීරණාත්මක දවස අදයි.. තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තුව අද..

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුරේ සේවය කළ දීපිකා සෙනෙවිරත්න 2024-10-11 දින සිට විශ්‍රාම ලබා ගෙන තිබෙනවා.එහෙයින් එම පුරප්පාඩු වී ඇති එකී තනතුර සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මිළහට ඉහළම ජ්‍යෙෂ්ඨතාව හිමි, දැනට ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරෙහි සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි පතිරගේ සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ පත් කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා. පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කල බවයි.