ජන හා නිවාස සංගනනය ඊයෙන් අවසන්...

Report

මෙවර ජන හා නිවාස සංගනනයට අදාළව හිසට වහලක් නොමැති පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීමේ කටයුතු ඊයේ (18) දිනයේ සිදුකර ඇත.

ඊයේ රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම තොරතුරු රැස් කිරීම් සිදුකෙරුණු බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කරන ලදී.

මහ මුහුදේ යාත්‍රා ගැටුමක්..13ක් මියයයි..100ක් බේරා ගනී.

මහ මුහුදේ යාත්‍රා ගැටුමක්..13ක් මියයයි..100ක් බේරා ගනී.


ඒ අනුව මෙවර සංගනනයේ කටයුතු අවසන් කෙරුණ අතර ඉදිරි දින 05ක කාලය සංගනන කටයුතු යාවත්කාලීන කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට ‍ජන හා නිවාස සංගනනයේ පුද්ගලයින්ගේ සහ නිවාසවල තොරතුරු රැස්කිරීමේ කටයුතු ආරම්භ විය.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක්..හැබැයි මේ දේ කරන්න වෙනව..නීති විභාගය ගැන ප්‍රශ්නයක් ඇඳෙයි..

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක්..හැබැයි මේ දේ කරන්න වෙනව..නීති විභාගය ගැන ප්‍රශ්නයක් ඇඳෙයි..


මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගනන නිල‍ධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකථන අංකය ඔස්සේ දැනුම්දෙන ලෙස ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනු ලබයි.

අද වැසි තත්ත්වයේ වෙනසක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්. විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.

අද වැසි තත්ත්වයේ වෙනසක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්. විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි.


සංගනන කටයුතු යාවත්කාලීන කිරීමෙන් අනතුරුව මාසයක් ඇතුළත මූලික වාර්තාව නිකුත් කිරීමට කටයුතු කරන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසීය.

YOU MAY LIKE THIS VIDEO