නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශයක්..හැබැයි මේ දේ කරන්න වෙනව..නීති විභාගය ගැන ප්‍රශ්නයක් ඇඳෙයි..
තමා තනියම ඒසී කාමරයක නීති විභාගය ලියූ බවට කරන චෝදනාව ඔප්පු කළහොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවත්, අවබෝධයෙන් යුතුව බොරුකීමේ සම්ප්රදාය නවතා තමන් නීති උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් විධිමත් නීති පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ලැබුවා.
27/2 යටතේ පුද්ගලික පැහැදිලි කිරීමක් කරමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීයා සිටියේ ය.
“ඊයේ මා පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවකදී අමාත්‍යවරයෙක් දරුණු චෝදනාවක් කර තිබෙනවා.
ඒ එක් චෝදනාවක් එල්ලවෙන්නේ නීති විද්‍යාලයට. තවත් පැත්තකින් චෝදනා එල්ල වෙන්නේ මේ රටේ නීති පද්ධතියට.
ඔහු සඳහන් කර තිබෙනවා එක්තරා මහාචාර්යවරයෙක් මම මරණ තර්ජන කළ නිසා රටින් පිටවෙලා ගියා කියලා.
එහෙනම් දැන් ඔබේ ආණ්ඩුවට පුළුවන් පරීක්ෂණයක් කරන්න. විභාගය ලිවීම ගැන පැමිණිල්ලක් තිබෙනවා නම් ඒ ගැනත් පරීක්ෂණයක් කරන්න.
ආයෙත් කියා තිබුණා ඔහු රටින් පිටව ගිහින් දේශපාලන සරණාගතභාවය ඉල්ලා පැමිණිල්ලක් කළ ආකාරය. දැන් ඔබේ ආණ්ඩුව තිබෙන්නේ.
ඔහුට ආරාධනා කරන්න ලංකාවට එන්න කියලා. ඒ ආවාම කටඋත්තරයක් අරන් අධිකරණයට යන්න පුළුවන්. දැන් ඔහුට දේශපාලන සරණාගතයෙක් ලෙස ඉන්න අවශ්‍ය නෑ.
ඒ නිසා මේ ගැන මා කියන්නේ පැහැදිලිවම මෙය හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන ලෙසයි. අවබෝධයෙන් යුතුව බොරු කීමේ සම්ප්රදාය සමහර දේශපාලන පක්ෂවලට තිබෙනවා.
එහෙම බොරු කියලා චරිත ඝාතනය කරන්න එපා. යම් චෝදනාවක් තිබෙනවා නම් පරීක්ෂණයක් කරන්න. මේ චෝදනාව එල්ලවෙන්නේ නීති විද්‍යාලයට සහ නීති පද්ධතියට.
ඇමැති වසන්ත සමරසිංහ මහතා – ඊයේ පාර්ලිමේන්තුවේ නාමල් මන්ත්‍රීතුමා හිටියා නම් හොඳයි. නමුත් ඔහු හිටියේ නෑ. මම තමයි ඔහු ගැන ඊයේ මේක කිව්වේ.
ඔහු නීති විද්‍යාලයේ විභාගය ලියපු විදිහ ගැන තොරතුරු කිව්වේ. ඒ පිළිබඳව මා ළඟ තොරතුරු තිබෙනවා. ලිඛිතවම තොරතුරු මෙන් වීඩියෝ තිබෙනවා.
ඒ මහාචාර්යවරයා ලංකාවට ඒවි. ඔහු ආ පසුව අපිට පරීක්ෂණයක් කරන්න පුළුවන්.
නාමල් රාජපක්ෂ 2010 නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගය ලියන්න ගිය වෙලාවේ එහි විදුහල්පති බුලත් දීලා පිළිඅරගෙන තනි කාමරයකට වෙලා ඒක පරිගණක කාමරයක්.
ඒකට වෙලා විභාගය ලිව්ව බව රටම දන්නවා. ඔහුත් එක්ක එම වසරේම නීති විභාගය ලියපු තුෂාර ජයරත්න මේ පැමිණිල්ල කළා.
ඔහු ඊයෙත් මට කතා කළා. ඔහුගේ පැමිණිලි කිහිපයක් තිබෙනවා. ඒ ගැන පරීක්ෂණ ඉදිරියට වෙයි. අර මහාචාර්යවරයෙක් පැමිණිලි කළා කියන කාරණය වරද්දගෙන තිබෙන්නේ.
ඔබ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරන්න අයදුම් කළවිට එය ප්‍රතික්ෂේප වුණා.
එතන සිටි මණ්ඩලයේ මහාචාර්යවරුන් දෙදෙනාගෙන් ටෙරන්ස් පුරසිංහ මහාචාර්යවරයා දැන් මියගිහින්. අනෙක් කෙනා තමයි මේ පැමිණිල්ල කර තිබෙන්නේ. ඔහුට තර්ජනය කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ නොවෙයි.
උපකුලපතිවරයායි. මේ ගැන මම පැහැදිලිව කිව්වා.
නාමල් රාජපක්ෂ මහතා – මම තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා කියන එක ඔප්පු කරන්න. එහෙම ඔප්පු කළොත් මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙනවා. නැත්නම් ඔබ ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න ඕනා.
ඇමැති වසන්ත සමරසිංහ මහතා – තනියම නොවෙයි නම් මෙතුමා වෙනුවෙන් විභාගය ලියපු කෙනාත් ඉන්න ඇති. එක පේපර් එකකට ලකුණු 99ක් අරන් තිබෙනවා.
මෙතුමා අද කියනවා තනියෙන් නොවේ හිටියේ කියලා. එහෙනම් මෙතුමා සමග සිටි අනෙක් කෙනා කවුද කියන්න?
නාමල් රාජපක්ෂ මහතා – මෙතැන අධිකරණ ඇමැතිත් ඉන්නවා. විභාගය මම ලිව්වාට මම නොවේ පේපර් එක හැදුවේ. ලකුණු මාර්ක් කළේ අපේ තාත්තා නෙවේ. මේ චෝදනාව එන්නේ නීති විද්‍යාලයට.
අනෙක මගේ උපාධිය තිබෙන්නේ එංගලන්තයේ ‘සිටි’ විශ්වවිද්‍යාලයේ. ඒ ගැන සනාථ කරගන්න මම අවසර දෙන්නම්.
නාමල් රාජපක්ෂ ඉදිරියේ නැති දොස්තරකමක් දාගෙන නෑනේ. ජනතාවගේ ප්‍රශ්න වහන්න මේවායේ එල්ලෙන්න එපා.
දැන් අවුරුදු 11ක් තිස්සේ මේ චෝදනාව කරනවානේ. ඒ නිසා මේක හොඳ නෑ හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න.
You May Like This Video